බෝ නොවන රෝග පැතිරෙන අවදානමක්



(සුජිත් හේවාජුලිගේ)

ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය

පාචනය, අතීසාරය, උණසන්නිපාතය, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා ආදි රෝග  සීත කාලගුණයක් සමඟ වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඔහු සඳහන් කළේය

ගංවතුර තත්ත්වය පහව යෑමෙන් අනතුරුව ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග  හිස එසවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය

මී උණ ගැන  මේ දිනවල වඩාත් සැලකිලිමත් විය යුතු බවත් උණ දීර්ඝ කාලයක් පවතින්නේ නම්, උණ සමඟ ඇස් රතුවී  කහ  කහ පාට වී ඇත්නම්  ප්‍රතිකාරවලට යොමුවිය  යුතු බවත්   ඔහු පැවසුවේය