
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි .
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

