
(ඉන්දිකා රාමනායක)
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ, නාරාහේන්පිට පුද්ගලික රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථ භූමියේ ඇතුලු ස්ථාන තුනට අත්බෝම්බ තැබීමේ සිද්ධින් වලට පිළියන්දල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යා ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද (28) පැවසීය.
මොවුන් පන්සල, පල්ලිය, රෝහල ඉලක්කර කරගෙන බෝම්ම තැබුවේ කුමණ අරමුණක් සදහා ද යන්න හෙළි කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද ලේකම්වරයා කියා සිටියේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම්වරයා මේ බව ප්‍රකාශ කළේ මෙම විමර්ශන සම්බන්ධයෙන් අද (28) එම අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.
මෙම සිද්ධිය සැලවීමත් සමග පොලිස් නිලධාරීන් විමර්ශනයට ගොස් සී.සී.ටී දර්ශන අනුව එම බෝම්බය එක් ස්ථානයක තබන දර්ශනයක් නීරික්ෂණය වීම හේතුවෙන් දේවස්ථානයේ සේවකයින් තිදෙනකු පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී බෝම්බය තැබු පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගත් බවද ලේකම්වරයා කියා සිටියේය.
දේවස්ථානයේ බෝම්බය තැබීමේ සිද්ධිය ට එම සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවත්, ඔහු මේ සදහා මෙහෙයවු බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් හෙළි වු තොරතුරු අනුව පිළියන්දල වෛද්‍යවරයා ද අත්අඩංගුවට ගත් බව හෙතෙම කීය.
එම සැකකරුට මේ සදහා බෝම්බය ලබා දුන් බව කියන සැකකරුද, රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකරුද, මොවුන් දෙදෙනා පිළියන්දල වෛද්‍යවරයා සමග කාලයක පටන් සමීප සම්බන්ධතා පැවැත් වු පුද්ගලයන් බව ද ලේකම්වරයා කියා සිටියේය.
මෙම සැකකරුවන් පන්සල, පල්ලිය හා රෝහල ඉලක්කර කරමින් තැබු බෝම්බ පුපුරා ගියේ නම් එයින් ජීවිත හානි සිදුවන බවත් කී ලේකම්වරයා එම සිද්ධිය අභාග්‍ය සම්පන්න ක්‍රියාවක් මෙන්ම ජන ජීවිතයට කැළලක් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද, හෙතෙම කියා සිටියේය.
මොවුන් මෙම ක්‍රියාවන් සිදුකර ඇත්තේ කුමන අරමුණක් සදහා ද , කිසියම් පිරිසක් මොවුන් පසුපසු සිටින්නේ ද යන්න හෙලි කර ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.
මෙම පිරිස සමග සමීප සම්බන්ධතා පැවැත් වු තවත් පිරිස් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම කටයුතු කරන බවද ලේකම්වරයා කියා සිටියේය.
දැනට සොයාගත් කරුණු නීතිපතිවරයා වෙත යොමු කර ඉදිරි පරීක්ෂන තවදුරටත් සිදුකරන බවද ලේකම්වරයා කියා සිටියේය.
මෙම අවස්ථාවට පොලිස්පති සී ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ද සහභාගි වුහ.

