බීලා වාහන එලවූ 86ක් දැලේ


(අංජුල මහික වීරරත්න)

පොලිසිය සහ හමුදාව කරන ඒකාබද්ධ මෙහෙයුමේදී බීමත් රියදුරන් 86ක අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.

එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3828ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇතැයි හැම අත්‍යංශය පවසයි.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (6) දින සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්දව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6129 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර ඇත. එහිදී පුද්ගලයන් 25755 දෙනෙක්ද වාහන 10602ක්ද යතුරු පැදි 7998ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ. 

එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකුද වරෙන්තකරුවන් 675 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.නීති විරෝධී ගිනි අවි 4ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් මර්දනය කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ‍්‍රී ලංකා පොලීසියේ හා ත‍්‍රිවිධ හමුුදාවේ මැදිහත් වීමත් මත සෝදිසි මෙහෙයුම් දෛනිකව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.