(පද්මා කුමාරී කංකානම්ගේ)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී 10 දින අලුයම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී,පොලිස් විශේෂ කාර්‍ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
බීඩි කිලෝ 1091 ක් වූ සමග සැක කරුවන් තිදෙනකු ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කල්පිටිය පල්ලිවාසල්තුරේ සහ වෙන්නප්පුවේ පදිංචිකරුවෝ වෙති.
ඉන්දියාවේ සිට කල්පිටියට මුහුදු මගින් රැගෙන එන බීඩි කොළ එහි රහසිගත ගබඩා කොට තබා,පසුව ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහනය කරන ජාවාරමක් දිගුකලක සිට ක්‍රියාත්මක බව,ආරක්ෂක අංශ පවසයි.

