බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව  ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත වතාවක් ඒවා සාමාන්‍ය  මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගැනීමේ කරුණක් කෝප් කමිටුවේ දී අනාවරණය වූ බව ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද (22)රැස්වූ කෝප් කමිටුවේ දී මෙම කරුණු අනාවරණය වූ බව කී මධුර විතානගේ මහතා දේශපාලකයන් මෙන්ම යම්කිසි නිලධාරී කොට්ඨාසයක් එකතුවී ජනතාවගේ බදු මුදල් අන්ත දූෂිත සහ අවිචාරවත් අයුරින් විනාශ කරන අයුරු එහිදී හෙළිදරව් වූ බව සඳහන් කළේය.

ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා වෙනම දවසක් වෙන් කරන ලෙස පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති බවද මධුර විතානගේ මහතා සඳහන් කළේය.