
(සිතුම් චතුරංග)
වවුනියාව, කල්මඩු පුම්පුකාර් හි තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ සැමියා මඩකලපුව එරාවුර් හීදි සැකපිට අත්අඩංගුවටගත් බව ඊච්චන්කුලම පොලිසිය කියයි.
සිය බිරිඳ නිවසේ කාමරයක් තුළ ඊයේ තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකාර සැමියා කුඩා දියණිය රැගෙන පලායමින් සිටියදී අද අලුයම මඩකලපුව එරාවුරු හීදි අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
එලෙස ඝාතනය කොට ඇත්තේ රාමක්කිලි සින්ධුජා නැමති 25 හැවිරිදි එක්දරු මවක බව පොලිසිය පවසයි.
ඝාතනය වීමට පෙර ඇය රෝගී තත්වයක් හේතුවෙන් බෙහෙත් ගැනීම සඳහා සිය සැමියා සහ දරුවා සමඟ ගොස් ඇති අතර පසුව නිවසට පැමිණීමෙන් අනතුරුව සැමියා දරුවාද රැගෙන නිවසින් පිටවගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

