
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බියගම ප්‍රදේශයේ පිහිටි කම්හලකින් භාණ්ඩ ඇසුරුම් කිරීමට යොදා ගන්නා ප්ලාස්ටික් පෙට්ටි 312 ක තොගයක් සහ රබර් අත්වැසුම් 1402 තොගයක් සොරාගෙන ගිය බව කියන කාන්තාවක් ඊයේ( 29) සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
අඩංගුවට ගත් සැකකාරිය පදිංචිව සිටින වේයන්ගොඩ, නාරංවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ මේවා සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම සැකකාරිය එම කම්හලේ සේවය කරන තැනැත්තියකි.
බියගම ප්‍රදේශයේ පිහිටි කම්හලේ සිට මේවා සැකකාරියගේ නිවසට ප්‍රවාහනය කිරීමට යොදා ගත් බවට සැලකෙන කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන එහි රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
බියගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකාරිය සහ සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ බව වේයන්ගොඩ පොලීසියට දැනුම් දී ඇත.

