බැසිල් නැවත ඉන්දියාවට


(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ලබාදුන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ සහ මුදල් ලබාගැනීමේ කටයුතු සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරි සති දෙක තුළදී නැවත ඉන්දියාවට යෑමට නියමිත බව මුදල් අමාත්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මීට සති කීපයකට පෙර ඉන්දියාවේ කළ සංචාරයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක මුදලක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබාදීමට ඉන්දියාව පොරොන්දු වී ඇති අතර එම මුදල් සහ ද්‍රව්‍ය ඉක්මණින් ලබාගැනීම සඳහා මෙසේ මුදල් අමාත්‍යවරයා නැවත ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.