බැඳුම්කර සිද්ධියට නඩු පවරන කාලය නීතිපති දැනුම් දෙයි



 
නිමන්ති රණසිංහ
 
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු 10 දෙනකුට එරෙහිව ජූලි පළමු වැනි දා සිට 14 දක්වා අතර කාලසීමාව තුළදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
 
මෙම පැමිණිල්ලේ පස් වැනි සැකකරු වන ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට එරෙහිව කරුණු දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
 
ඒ අනුව තාවකාලිකව ඉවත් කරන ලද විදෙස් ගමන් තහනම යළි ක්‍රියාත්මක කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.