බැංකු නිලධාරියා ව්‍යායාම කරද්දී මැරී වැටේ


(එච්.එම්. ධර්මපාල)

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු (49) ක්ද වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියකු බවට හදුනා ගත් බව ද  පොලීසිය කියයි.

මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි.