බාලවයස්කාර


(ඩී.ජී.සුගතපාල)

අධිකරණ නියෝගයකින් බද්දේගම ළමා නිවාසයේ රඳවා සිටි  බාල වයස්කාර දැරියන් දෙදෙනකු ළමා නිවාසයෙන් පලාවිත් ගාල්ල නගරය  දි මුහුදට පැනිමට තැත්කල අවස්ථාවේ අසල සිටි පිරිසක් විසින් බේරාගෙන ඇති බවත් එක් දැරියක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි.

දහසය හැවිරිදි මෙම දැරියන් දෙදෙනා බලපිටිය අධිකරණයේ නියෝග මත බද්දේගම හල්පාතොට නිවර්තන නිවාසයේ රඳවා තබා ඇත.එසේ සිටියදි ඔවුන් දෙදෙනා පෙරේදා(25) සවස ළමා නිවාසයෙන් පැන කුමාරකන්ද දකුවා පයින් පැමිණ එතැන්සිට බස් රථයක නැගි ගාල්ල නගරයට පැමිණ ඇත.

බස් රථය ගාල්ලට පැමිණි පසුව එම දෙදෙනා පමණක් බස් රථයේ සිටිම නිසා කොන්දොස්තරවරයා ඔවුන් පොලිසියට බාර සඳහා කැඳවාගෙන ඒමට සුදානම්වු අවස්ථාවේ දෙදෙනා මුහුද පැත්තට දුව ගොස් ඇත. එසේ දුවගොස් එක් අයෙකු මුහුදට පැන ඇති අතර අනෙක් දැරිය එහි සිටි අය අල්ලාගෙන ඇති අතර මුහුදට පැන්න දැරියද බේරාගෙන පොලිසියට බාරදි ඇත.