කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් එංගලන්තය තුළ පමණක් ඊයේ රාත්‍රියේ සිදුවූ මරණ සංඛ්‍යාව එක රැයකින් දෙගුණ වී තිබේ. ඉරිදා වන විට 14 ක් වූ එංගලන්තය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 35 ක් වී තිබේ.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 156 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබේ.
එංගලන්තයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 200 සිට 1372 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාර්තු මස 16 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 170,247 ක් වූ අතර මරණ 6,526 ක් වාර්තා වී තිබිණ. රෝගීන් 77,786ක් සුවය ලබා තිබිණි.


