බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්


(යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් එම නිලධාරියා කීය.

ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කළාය.

සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.