බස් රියදුරු


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - ලග්ගල - හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හර්දයාබාධයක් හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව එය පැදවු රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (24) සවස පහට පමණ මගීන් රැගත් මෙම බස් රථය මාතලේ බලා ධාවනය වන අවස්ථාවේ දී මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිට දි මෙම අනතුර සිදුව ඇතැයි මහවෙල පොලිිසිය කියයි.

අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන්ට හානි සිදුව නොමැති අතර, රියදුරු නාලන්ද  රජයේ රෝහලට රැගෙන යාමේ දී ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කෝන්ගහවෙල,පලාපත්වල ලිපිනයේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීප්තික චන්දික විජේකෝන් නැමති (49) අයෙකි.