බස් රථ සීයට 50 ක් ධාවනයට


(නිමල කොඩිතුවක්කු)

ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන්  අද (20) දිනයේ සමස්ත බස් රථ වලින් සීයට 50 ක් හෙවත් බස් රථ 6500 කට අධික ප්‍රමාණයක්  ධාවනයට පියවර ගත්  බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මේ හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවා යම් තාක් දුරකට ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වූ බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ලංගම ඩිපෝ මගින් දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂ අටක් පෞද්ගලික සහ ලංගම බස් රථවලට  ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගත්වය පළ කිරීම  හේතුවෙන් මෙලෙස බස්රථ ප්‍රමාණය වැඩි කිරීමට හැකිවූ  බවද විජේරත්න මහතා කීවේය.