
( රංජිත් රාජපක්ෂ )
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.
ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වි ඇත.
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.

