බස් නැතුව ජනතාව අදත් අමාරුවේ


(යොහාන් භාසුර)

ඉන්ධන ගැටලුව හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා බස් රථ අද (17) දිනයේ ද ඉතාම සීමිත ප්‍රමාණයක් ධාවනය විම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

ජනතාවට කොළඹ නගරයේදී ද බස් රථකට ගොඩවීමට පැය ගණන් බලාසිටීමට සිදුවූ අතර එම බස් රථවල ද විශාල පිරිසක් සිටීම නිසා බස් රථයේ විවිධ ස්ථානවල එල්ලී යන ආකාරය ද දැකගත හැකිවිය.

(ඡායාරූ: ශාන්ත රත්නායක)