බසයට යට වී කත මරුට


(වියලුව වාර්තාකරු )

මීගහකිවුල   පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම  කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩුල්සිම පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කළුගහකදුර ඇල්ලන්දේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ සුදුකුමා  කුමාරුයි නැම නමැති වයස අවුරුදු 62ක කාන්තාවකි.

  මාර්ගයේ ගමන් ගනිමින් තිබූ බස් රථය මගීන් බැස්සවීම සඳහා රෝබේරිය ශ්‍රී නාගාරම කෝවිල අසල නවත්වා  යළි ධාවනය කිරීම සඳහා ඉදිරියට ගැනීමේදී මෙම කාන්තාව බසයේ වම් පස රෝදයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත