
(සමන් පාලිත නානායක්කාර)
බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ සිසුවකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටී එච්. එම්. හසංක විකුම් විතාරන නමැති 25 හැවිරිදි සිසුවෙකි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග සංචාරයක පැමිණ දියනාමින් සිටි අතරතුර මොහු මෙසේ ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය කියයි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා කැලෑ පාරකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට හෙලිවී ඇතැයිද පොලීසිය කියයි.
මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග සුරවීර මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

