(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජුව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුඛ සාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ.
ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන 44 බස් රථ 30ක්, ආසන 30 බස්රථ 10ක්, වෑන් රථ 10 ක්, ගලි බවුසර් 05ක් සහ ට්‍රැක්ටර් 03 ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 8 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වාහන මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

