
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවන්වලින් මියගිය ගණන 82 දක්වා අද (01) ඉහළ ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
පසුගිය දිනවල වර්ශාවත් සමඟ සිදුවු නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් නිවාස හානියට පත්වීමෙන් දිස්ත්‍රික්කයේ පවුල් 10600ක සාමාජිකයන් 38439ක් විපතට පත්ව සිටින බවත් ඉන් දිස්ත්‍රික්කයේ දැනට පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 180ක පවුල් 6685ක පුද්ගලයන් 23777ක් තාවකාලිකව රඳවා තබා ඇති බවද හෙතෙම කීය.
ඉතිරි පිරිස තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල සහ තමන්ගේ නිවෙස්වල නතරව සිටින බවත් මොවුන්ට අවශ්‍ය ද පිසූ අහාර වියලි ආහාර ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
විශේෂයෙන් දිස්ත්‍රික්කයේ මාර්ග අපහසුතාව නිසාවෙන් ඇතැම් ප්‍රදේශවලට සහන සේවා සැපයීම අපහසු වී ඇති බවත් කෙසේ හෝ එම ජනතාවට ද අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් ලබාදීමට කටයුතු සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


