(යොහාන් භාසුර)
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (6) පස්වරුවේ පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද එම ප්‍රදේශවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිහිපත් කරයි.

