
(චන්දන හෙන්දුරුගොඩ)
පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාලම ආසන්නයේ රේල් පාර කොටසක් කඩාගෙන ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි.
පැවති අධික වර්ෂාවෙන් බත්තුළුඔය හරහා කළපුවට හා මහා මුහුදට ගමන් කළ අධික ජල ධාරාවෙන් මෙම දුම්රිය මාර්ගයේ පාලම ආසන්න පස් බුරුල් වීමෙන් එක් පැත්තක් මෙලෙස කඩාගෙන ගිය බවයි ප්‍රදේශවාසීහු පවසති.
1880 පමණ ඉදිකර ඇති මෙම පාලම මෙතෙක් කලක් මෙවැනි අනතුරුකට මුහුණ නොදුන් බව පවසන ප්‍රදේශවාසීන් යලි ප්‍රතිසංස්කරණයට දින ගණාවක් ගත විය හැකි බව සඳහන් කරති.




