(සුජිත් හේවාජුලිගේ )
දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අරිෆුල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය.
ඔහු මෙසේ දැනුම් දුන්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඊයේ(23) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.
දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙන් ඇඟලුම් කෘෂිකර්ම සෞඛ්‍යය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
ආර්ථික අර්බුදයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළේය.
වෙළෙඳ , සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් ඉස්ලාම් මහතා පවතින වාතාවරණයෙන් කඩිනමින්ම අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කළේය.