පොළොන්නරුවේ පවුල් 7,434ක් අපදාවට


(නිමල් ජයරත්න  )

දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හා ගංවතුර තත්ත්වය නිසා පවුල් 7434 ක පුද්ගලයින් 25293 දෙනෙකු අද( 01 ) වනවිට ආපදාවට ලක්වී සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇති වූ කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සම්පූර්ණ නිවාස එකොළහකට හානි සිදුව තිබෙන බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරියේ එම්. ජී. පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

නිවාස 549 කට අර්ධ හානි සිදුව ඇති බවත්, පවුල් 3171 ක සාමාජිකයින් 10,682 දෙදෙනෙකු ආරක්ෂිත ස්ථාන  27 ක  රඳවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවද උපුල් කුමාර මහතා පැවසීය.

අයහපත් කාලගුණයෙන් සහ ගංවතුරෙන් අවතැන් පවුල් 260 ක පුද්ගලයින් 937 දෙනෙකු ඥාති නිවාසවල සිටින බවද උපුල් කුමාර මහතා වැඩිදුරටත් කීවේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතටම තද වර්ෂාව සහ ගංවතුර තත්ත්වය අඩු, වැඩි වශයෙන් බලපා ඇති බවද කිය.
 
තද වර්ෂාව හා ගංවතුරෙන් ආපදාවට ලක් වූ සියලු පවුල් ආරක්ෂිත ස්ථාන වල රඳවා ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්  සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කරන බවද පාලිත උපුල් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.