පොහොර හිඟයට විසඳුම් ඉල්ලා පිටිගල උද්ඝෝෂණයක්


( එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)

ඉහළ දමන ලද ඉන්ධන මිල වහාම අඩු කරන ලෙසත් උද්ගතව ඇති පොහෝර හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කිරීමේ දැවැන්ත උද්ඝෝෂණයක් අද (4) පිටිගල නගර මධ්‍යයේදී පැවැත්විණ.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මේ උද්ඝෝෂනයට එම පක්ෂය නියෝජනය කරමින් හිටපු දකුණු  පළාත් සභා මහත්වරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

ඉහල දමන ලද ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලා සහ පවතින පොහෝර හිගයට විසදුම් ලබාදෙන ලෙසට  කරන ලද රජයට බල කිරීමේ පුවරු ඔසවාගෙන ඔවුහු මේ උද්ඝෝ යෙදී සිටියහ.

මේ කාරණා දෙකට අදාලව සටන් පාඨ කියමින් උද්ඝෝෂකයෝ පැයක් පමණ උද්ඝෝෂණයේ යෙදී සිට විසිර ගියහ.