පොහොර ඉල්ලා හිඟුරක්ගොඩත් උද්ඝෝෂණ


(ඩබ්ලිව්.ඒ.පියතිලක)

පොහොර සහනාධාරය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.

මෙම විරෝධතා පාගමනට 150 ආසන්න පිරිසක් ඒක්ව සිටි අතර විරෝධතාකරුවන් හිගුරක්ගොඩ ඔරලෝසු කණුව අසලින් මෙම පාගමන ආරම්භ කර නගරයේ විදි  හරහා මාර්ගවල ගමන් කරමින්  නැවතත් ඔරලෝසු කණුව ඉදිරිපිට ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පොලොන්නරුවේ  කින්ස් නෙල්සන් සහ අනුරාධපුර රෝහණ බංඩාර  ඇතුළු මෙම විරෝධතා පා ගමනට මැදිරිගිරිය  සහ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම ප්‍රදේශයේ ගොවීහු  පිරිසක් ද ඒක්ව සිටයහ.