(ඉන්දිකා රාමනායක )
පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දී තුවාල කළ නවික හමුදා භටයෙකු ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සිදුව පොලිසිය කියයි
සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් ඊයේ(1) හවස සීදුව ස්කාගාර පාරේ ක්ෂණික මාර්ග බාධකයක් දමා පුද්ගලයන් හා රථවාහන පරීක්ෂා කරමින් සිටියදී වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදිය නැවැත්වීමට සංඥා කර ඇති බව පොලිසිය පවසයි.
එම පොලිස් සංඥා නොතකා සැකකරුවන් යතුරුපැදිය ඉදිරියට ධාවනය කරමින් තිබියදී ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියකින් සැකකරුවන් ගමන් ගත් යතුරු පැදිය පසු පස හඹා ගොස් සීදුව නගරය ආසන්නයේදී එය නවත්වා ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී ඔවුන් බීමතින් සිටි බවට අනාවරණය වී ඇති අතර.ඔවුන් පරික්ෂා කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී සැකකරුවන් එය වළක්වමින් පොලිස් නිලධාරීන් දෙදෙනාට ආරක්ෂක හිස්වැසුම් වලින් පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එක්ක සැකකරුවෙකු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි (25)පුද්ගලයෙකු වන අතර සෙසු සැකකරු සීදුව ප්‍රදේශය ප්‍රදේශ පදිංචි (30) පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සීදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

