පොලිසියේ ලොක්කන් රැසක් එහෙට මෙහෙට මාරු කරයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන් නිලධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත බාරවද, ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත මහතා මධ්‍යම පළාතේ සිට රථ වාහන සහ අපරාධ බාරවද එස්. සී. මැදවත්ත මහතා සහයක සේවා සහ වයඹ පළාත් වැඩ බැලීමේ සිට දකුණු පළාත් බාරව ද වසන්ත කිත්සිරි ජයලත් මහතා නැගෙනහිර පළාතේ සිට වයඹ පළාත් බරවද  ආර්. එල් .කොඩිතුවක්කු මහතා වෛද්‍ය සේවා සුබසාධක සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට සහයක සේවා ලෙස ද, නීතිඥ අජිත් රෝහණ මහතා දකුණු පළාත් බාරව සිට නැගෙනහිර පළාත් බාරව ද එල්. කේ. ඩබ්ලිව්. කේ. සිල්වා මහතා අපරාධ හා රථවාහන කොට්ටාසයේ සිට වෛද්‍ය සේවා සුභ සාධක සහ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ද ද නිසි ස්ථාන මාරුවීම් ලබා ඇත.

මීට අමතරව හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ද තානාපති ආරක්ෂක කොට්ඨාසය භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එල්. සූරියබණ්ඩාර මහතා හලාවත කොට්ඨාසයට ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එච්. එන්. ද සිල්වා මහතා බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරේ සිට පොලොන්නරුව කොට්ඨාසය බාරව ද පොලිස් අධිකාරී එන්.ඩබ්ලිව්. සේනානායක මහතා මීගමුව කොට්ඨාසය සිට බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨායේ අධ්‍යක්ෂකවරයා ලෙස ලෙස ද ලෙසද, සහකාර පොලිස් අධිකාරී ටී. උපාලි මහතා පානදුර කොට්ඨාසය සිට රත්නපුර කොට්ඨාසය වෙත ද, සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාරනායක මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට පානදුර කොට්ඨාසය වෙත ද මෙසේ ස්ථාන මාරුවීම් ලැබූ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු වෙති.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලේකම් වරයාගේ අනුමැතිය ඇතිව සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බව විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.