
(ඉන්දිකා රාමනායක සහ සුනිමල් හේවගේ)
සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
හිඟුරක්ගොඩ යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරයා ඊයේ (4) පස්වරුවේ පොලිස් ස්ථානය තුළදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.
විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරා ගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර , නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථය සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිය සොහොයුරා බැලීමට මන්ත්‍රීවරයා පස්වරුවේ පොලිසියට පැමිණ ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදි බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

