
(ගයාන් සූරියආරච්චි)
බීමතින් කළහකාරීව හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයකින් ගසා පොලිස් නිලධාරීන් මරා දමන බව කියා පොලිස් නිලධාරීන් සිවු දෙනකුට පොල්ලකින් පහරදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරවැව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමළය, රොටුවැව ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
සැකකරු විසින් පොල්ලකින් පහරදීමෙන් නිලධාරීන් හතර දෙනකු ප්‍රතිකාර සදහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

