තරිඳු ජයවර්ධන
අද උදෑසන මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට ගුවන් මගින් මඩකලපුව බලා පිටත් විය.
එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඇතුළු පිරිසක් ද අයත් වෙති.
ඔවුන් අද සවස මඩකලපුවේ පොලිස් ප්‍රධානීන් හමුවී ආරක්ෂක තත්ත්වය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල