(තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ත්‍රිරෝද රථයකට අද සවස ගම්පහදී වෙඩි තබූ බව පොලිසිය කියයි.
ගම්පහ - කොළඹ පාරේ ධාවනය වෙමින් තිබූ සැක සහිත ත්‍රිරෝද රථය නැවැත්වීමට අණ කිරීමේදී නොනවත්වා අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය කළ බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරුගේ අතකට වෙඩි වැදී ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
රියදුරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 31පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ලුහු බඳිමින් අවස්ථා කිහිපයකදීම නතර කිරීමට අණ කර ඇතත් නොනැවැත්වීම මත වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.

