පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි


(රන්ජන් කස්තුරි)

පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින්  පාරම්පරික පොල්තෙල්  නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඔවුන් කූඨ ලෙස  පොල්තෙල් තොග සඟවා ගැනීමට සැලසුම් කිරීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ තොග වෙළෙන්දෝ පවසති. 

මේවනවිට වෙළෙදපොළේ පොල්තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 ක් සිට විවිධ ගණන්වලිට තිබෙන අතර සිල්ලර වෙළෙදසල් බොහෝමයක අලෙවිකරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවැසේ.

මේවනවිට ආනයනික ෆාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා ෆාම් තෙල් කවලම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බවද ආරංචි මාර්ග පවසයි.