(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් මේ වසර ඇතුළත සිය දිවි හානි කරගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන තිලක් බණ්ඩාර, උපුල් අබෙිරත්න ,මනෝජ් ආරියරත්න මහත්වරුන් තමා හමුවේ මේ කරුණු පැවසූ බව කී බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කරන්නැයි ඔවුන් ඉල්ලා සිටි බවද කීය.
විශ්ව විද්‍යාලයේ බොහෝ දරුවන් කන්නේ එක වේලක් පමණක් බවද බොහෝ දරුවන් ගොඩක් කෙට්ටු වී ඇති අතර දේශන අවස්ථාවලදී සිසුන් කලන්තේ දමා වැටෙන බව මහාචාර්යවරුන් තමා සමග පැවසී යැයි බාකීර් මාකාර් මහතා පැවසීය.
මෙය හුදෙකලාව අධ්‍යාපන ප්‍රශ්නයක් ලෙස ගත යුතු එකක් යැයි තමා නොසිතන බව කී බාකිර් මාකර් මහතා මාපියන්ට සල්ලි එවන්න පුළුවන් කමක් නැතැයි ද ශාස්ත්‍ර පීඨයේ දරුවන්ට මහපොළ දීමනාව තවම ලැබී නැති අතර මෙලෙස අහේනියට පත්ව දුක් විඳින්නේ රටේ අනාගතය බවද කීය.

