පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද?


 

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම නෞකාව පිළිබඳව කළ විමසුමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ ‘නැව තවම ආවේ නෑ’ ලෙසය.

එම නෞකාව ශ්‍රී ලංකාවට ඊයේ පෙරවරුවේ ළගාවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (23) පෙරවරුවේ පැවසූ අතර එම නෞකාව පෙරේදා පෙරවරුවේ පැමිණෙන බව අමාත්‍ය විජේසේකර මහතා මීට පෙර පවසා තිබුණි.