පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි


(සමන්ත යහම්පත්)

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ  පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.

මියයන විට 79 වැනි වියේ පසුවූ පුන්‍යා ගායනා කළ ‘දෑස වසාගමි, බකිණි ගඟේ, දෙනුවර මින් පසු’ වැනි ගීත රැසක් ජනප්‍රියත්වයට පත්විය.

ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද ඇය කටයුතු කළ අතර, එම වැඩසටහන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට ද පත්විණි.

ගායක ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇයගේ දේහය පිළියන්දල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (2) පස්වරු 6.00 ට තුම්බෝවිල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.