
(ප්‍රේමතිලක පෙරමුණ,ලක්මි කුඩලිගම සහ සුමිත් පොතුපිටිය)
වෑන් රථයකින් පැමිණි පිරිසක් මීගහතැන්න පැලවත්ත නගරයේ දී අද සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැලවත්ත පිටිගල පාර මිරිස්වත්ත ගොරකදූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිටිගල කන්කානම්ගේ සමන් හෙවත් 'ජින සමන්' නමින් හඳුන්වන අවිවාහක පුද්ගලයකු බව පොලීසිය පවසයි.
කකුලේ ඇති වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ආ අවස්ථාවේ සුදු වෑන් රථයකින් ආ පිරිසක් මෙම ඝාතනය කර පලා ගොස් ඇත.
(ඡායාරූපය සුමිත් පොතුපිටිය)

