පැලවත්ත-සෙවණගල කම්හල් පනතින් ඉවත් කරන්නැයි කියයි


(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

රජයට පවරාගෙන ඇති ආයතන කිහිපයක් භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පවරාගැනීම සඳහා ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනතින් පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලාවල නම් ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ බිල්පත් ගෙවන දයා ගමගේ මහතාට මෙම කර්මාන්තශාලා යළි පවරාදීමට රජය ගන්නා උත්සාහය පරාජය කළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

රජයේ ආයතන යළි රජයට පවරාගැනීමේ තේරුම කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව කී මන්ත්‍රීවරයා මෙහි එකම අරමුණ සීනි කර්මාන්තශාලා දයා ගමගේ මහතාට ලබාදීම බවද සදහන් කළේය.