පාස්කු දා ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන් වෙනුවෙන් දිව්‍ය පුඡාවක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සිව් වසරකට ඉහතදී පාස්කු දා  සිදු වූ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් ගේ ආත්මයන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් හා යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කන්නලව්වක් අද(21) කටුවපිටිය ශාන්ත සෙබස්තියන්  දේවස්ථානයේ පැවැත්වෙද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ  නමක ද ඊට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය .

දිව්‍ය පුජාවෙන් අනතුරුව පිරිස කොළඹ හලාවත මාර්ගයට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දනයක් ට සාධාරණ ය ඉටු කරන ලෙන ඉල්ලා විරෝධතාවයකද යෙදිණි.

මෙම විශේෂ දිව්‍ය පූජාව පවත්වනු ලැබූයේ ජේ.බී.ඇන්තනී  සහ  මැක්ස්වල් සිල්වා යන   රදගුරු තුමන්ලා විසිනි .

මේ අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ වූයේ මොරටුව සුනන්ද උපනන්ද විහාරයේ මොරටුවෙ තිලකසිරි හිමියන්ය.

සිව් වසරකට ඉහතදී සිදුවූ ත්‍රස්ත   ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ගේ ඥාතීන් මෙන්ම එම සිදුවීමේ දී වින්දි තියන් වූ පිරිස් ද මෙම දිව්‍ය පූජාවට සහභාගි වී සිටිනු ලැබීය .   

දේවස්ථාන පරිශ්‍රය මෙන්ම අවටද  හමුදා සහ පොලිස් රැකවල් යොදා තිබිණි . පෙරවරු 7.00 ට ආරම්භ වූ විශේෂ දිව්‍ය පූජාව පැයකට වැඩි කාලයක් තිස්සේ සිදු කරනු ලැබී ය.

පාස්කු ප්‍රහාරයෙන් මිය ගීය  වූවන් වෙනුවෙන් දේවස්ථානය අභියස ඉදිකර ඇති පීඨිකාව ටද ගෞරවය පුද කළ පිරිස් අනතුරුව  මහ පෙරහරින් කොළඹ හලාවත  මාර්ගයේ  බාල්දි හන්දිය දක්වා පැමිණ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූවන්ට සහනය සලසන ලෙසට හා යුක්තිය ඉටුකර ලෙසට ඉල්ලමින් පැයක පමන කාලයක් විරෝධතාවයක ද යෙදුණහ .

පැයක් පමන පැවති මෙම විරෝධතාවවට රදගුරුතුමන්ලා පියතුමන්ලා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.අවසානයේද දේව කන්නලව්වක් සිදුකරනුලැබිය