
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සතුන් දඩයම් කිරීම සඳහා අටවන තුවක්කු කඳන් අටක් නිවසේ සඟවාගෙන සිටි බව කියන පාසල් සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අඹන්පොල ප්‍රදේශයේ පාසලක සංවර්ධන නිලධාරිනියක් ලෙස රැකියාව කරන තැනැත්තියක් යැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය බඳින කඳන් 8 ද සමඟ වැඩිදුර පරීක්ෂණ සඳහා අඹන්පොළ පොලීසියට බාර දී ඇත.

