පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට


( දිනේෂ් උපේන්ද්‍ර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක්  මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය  කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන්  13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි

ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.

 

(ඡායාරූප බිමල් ශ්‍යාමන් )