පාසල් යන්න සිටි මව-දියණිය ලොරියකට යට වෙති


(සිතුම් චතුරංග)

වවුනියාව , මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි හීදි ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන්  මව සහ හය හැවිරිදි දියණිය  ජීවිතක්ෂයටපත්ව ඇතැයි පරයානකුලම් පොලිසිය කියයි.

මියගිය මව සිය දියණිය වවුනියාව පූවරසකුලම් විදුහල වෙත යැවීම සඳහා බස්රථයක් පැමිණෙන තෙක් මාර්ගය අසලටවී බලාසිට ඇති අතර එම අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථය දෙදෙනා අනතුරට පත්කොට ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාව , පූවරසකුලම් , කන්නාට්ටි හි පදිංචි සිවලෝගනාතන් සුබෝගිනි නැමති 36 හැවිරිදි කාන්තාවක හා ඇඟේ කුඩා දියණියවූ පූවරසකුලම් විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිවලෝගනාතන් දිනුසිකා නැමති හය හැවිරිදි දැරියක වේ.