පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ


(යොහාන් භාසුර) 

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරය ලබන ජනවාරි 24 දින අවසන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.