(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බංගදෙණිය සහ පල්ලම ප්‍ර දේශවල පදිංචි අවුරුදු 26 හා 33 වයස්වල පසුවන දෙදෙනෙකි.
එම කාන්තාවට වෙඩි තැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාදම්පේ ඉරට්ටකුලම ප්‍ර දේශයේ වැසිකිළිවලක දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ඉකුත් 22 දා එම කාන්තාවට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එහිදී වසන්ත චතුරානි නැමැති (30) කාන්තාවක් මියගොස් ඇයගේ දරුවාට ද තුවාල සිදුවී තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාරවිල කාන්තාව ඝාතනයට දෙකක් අත්අඩංගුවට