(අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (13) පැවැසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍ය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ බව රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව අරලියගහ මන්දිරයට රැස්වූ ජනතාව අමතමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටි ජනතාවට මෙහිදී සුවිශේෂී ස්තුතියක් පළ කළ වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
‘‘ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තු බලය ගැන අද නීත්‍යානුකූලව තහවුරු වුණා. මෙය අප කළ සටනේ සුවිශේෂී ජයග‍්‍රහනයක් බව කිව යුතුයි. එසේම අධිකරණය ස්වාධීන කිරිමට ගත් ක‍්‍රියාවල ප‍්‍රතිඵල මේ තීන්දුව විසින් භුක්ති විදීමට ලැබුණා.
අප කළ සටන සම්පූර්න වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. ඒ සඳහා අඛණ්ඩව පෙළ ගැසි සිටින්නැයිද එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.