පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද අබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ  සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.