
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) නැවත පිහිටවනු ලැබීය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ආචාර්ය සරත් වීරසේකර, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය නාලක ගොඩහේවා, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත් , ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම ,ආචාර්ය හර්ෂද සිල්වා,මනුෂ නානායක්කාර, එම්.ඒ සුමන්දිරන්, කවින්ද ජයවර්ධන මුජිබර් රහුමාන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඉසුරු දොඩම්ගොඩ, අනූප පැස්කුවල්, නලින් බණ්ඩාර රංජිත් බණ්ඩාර සහ සුරේන් රාඝවන් රජයේ මුදල් කාරක සභාවට පත් කෙරුණු මන්ත්‍රීවරු වෙති.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සභාපතිවරයකු එම කමිටුව ඉදිරියේදී රැස්වී තෝරා ගැනීමට නියමිතය.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

