(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන මහතා පවසයි .
බලපත්‍රය ක්‍රම යටතේ තිරිගු පිටි ගෙන්වීමට රජයේ ක්‍රියාකිරීම තුළින් තිරිඟු පිටි සමාගම් දෙකට පාරිභෝගිකයා ගසාකෑමට තවත් ඉඩ සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය .
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමට අනුව පාන් බනිස් මිල අඩු කිරීමට තීරණය කර තිබූ බවද ඔහු කීය .

